රුපියල් 5000 සහනාධාර දීමනාව ලබාදීමේ කටයුතු අදින් අවසන් කිරීමට නියමිතව තිබේ.
ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේ, ඒ පිළිබඳ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වනවිට දැනුම් දී ඇති බවයි.මෙතෙක් එම සහනාධාරය ගෙවීමට නොහැකි වූ දිස්ත්‍රික්ක වේ නම් ගෙවීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ද කාර්ය සාධක බලකාය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
රුපියල් 5000 සහනාධාර දීමනාව නොලැබීම හමුවේ ඒ ඒ ග්‍රාම කමිටු වෙත ඉදිරිපත් වූ අභියාචනා සළකා බැලීම සියයට 95 ක් අවසන් බව ද ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ ය.
මේ වනවිට සමෘද්ධි ලාභී පවුල් ඇතුළු පවුල් ලක්ෂ 74 අධික සංඛ්‍යාවකට මෙම සහනාධාරය ලබා දී තිබේ.