Wednesday, April 29, 2020

Written on

🔥 හිරු පත්තරේ විස්තරේ අලුත් මුහුණ !



රංගනගේ සහ සුදේවගේ හිරු වෙන්වීමත් සමගම කාගෙත් කතා බහට ලක්වුවේ එම වැඩසටහන් වල හිස් වෙන පුටු පුරවන්නේ කවුරුන්ද කියලයි.

ඒ සදහා අද පලමු පිලිතුර ලෙස පත්තරේ විස්තරේට අලුත් මුහුනක් අවිත් සිටියා. අලුත් මුහුණක් මත් නෙමේ.
එනම් එම හිස් පුටුව පුරවන්න ආ පලමු වැන්නා ලෙස ප්‍රවීණ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික‍්‍රම මහතා තෝරාගෙන ඇත.

රූපවාහිනි හි මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු වසර 14 ක් පුරා සිය ධුර කාලය තුළ ජනප්‍රිය නිවේදකයෙකු විය. ඔහු මැක්ස් ටීවී හි සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළේය. ඔහු හිටපු ජනාධිපති වන මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය උපදේශක ලෙස (එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස) පසුව සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් ලෙසද සේවය කළේය.

පසුව ඔහු ජාතික රූපවාහිනි සංස්ථාවට නිවේදකයෙකු ලෙස සම්බන්ධ වූ අතර එහි නරඹන්නන්ගේ හදවත් දිනා ගත්තේය.

එලෙසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.

ඔහුගේ පත්වීම වෙනුවෙන් ගොසිප්9 අපගේ සුබ පතුම් එක් කරන අතර ඔහුගේ මුහුණු පොත පුරා ජනතාව විසින් සුබ පැතුම් එක් කර තිබේ.

More News