නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කෝට්ටේ ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලාංකාර නා හිමි සහ අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසී සාකච්ඡා කර තිබේ.
මෙහිදී කාදිනල් හිමිපානන් නාස්තිකාරි සහ වෛරය ඇති කරවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටක් නිර්මාණය කිරිම කාලින අවශ්‍යතාවයක් බව පෙන්වා දී ඇති අතර ඊට පිළීතුරු දෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී කොවිඩ් නයින්ටීන් වසංගතය පිළීබඳ වත්මන් තත්ත්වය පිළිබඳව අවදානයට ලක්ව ඇති අතර වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරිමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මහනායක හිමි සහ කාදිනල් හිමිපානන් සිය ප්‍රසාදය පල කර තිබේ.