සිය මුහුණු ආවරණයේ සඟවා හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර, රජවත්ත ප්‍රදේශයේදී අද (28) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි කළුතර කොට්ඨාෂ අපරාධ විමර්ශන අංශය සඳහන් කර ඇත්තේ.
කළුතර, පලාතොට සහ බෝම්බුවල ඇදී ප්‍රදේශවලට යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයකු මත්කුඩු බෙදා හරින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා පරික්ෂා කර ඇති අතර එහිදී මුහුණු ආවරණය තුළ සූක්ෂම ලෙස සඟවාගෙන සිටි හෙරොයින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව යුද හමුදාවේ රෙජිමේන්තුවකට අයත් නිළ මුද්‍රාවක් සහ තාවකාලික නිවාඩු බලපත්‍ර දෙකක්ද රාජකාරි හැදුනුම්පතද තිබී ඇති බව සඳහන්.
කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාරයට ගත් හෙරෝයින්වල වටිනාකම රුපියල් 150,000ක් පමන වන බව සඳහන්.
මොහු සිය සේවා හැඳුනුම්පත භාවිත කරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.