Friday, May 1, 2020

Written on

🔥 කොරෝනා ආසාදිතයන් ගණන 690 දක්වා ඉහළට

Updates 9:46pm 01-05-2020
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
Updates 8.37pm 01-05-2020
මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර , කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා අද (01) රෝහල්වලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 157 ක්.

එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලමින් සිටින ආසාදියින් ගණන 510ක්.
කොරෝනා ආසාදනය වී ලංකාවේ පුද්ගලයින් 7 ක් මිය ගියේය.



Updates 5.56pm
මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 671 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිත පුද්ගලයන් 3ක් හඳුනා ගැනීමත් සමගයි.

මේවන විට සුවය ලබා ඇති සමස්ථ සංඛ්‍යාව 157ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
 
7.45am
තවත් ආසාධිතයින් 02 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 665දක්වා ඉහළගොස් තිබෙනවා.

Updates 11.18pm 30-04-2020
තවත් ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 663දක්වා ඉහළගොස් තිබෙනවා.

09.18pm
තවත් ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 660 දක්වා ඉහළගොස් තිබෙනවා.

06.30pm
නව ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

එම රෝගීන් සිව්දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර ඔවුන් සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

අද (30) දිනයේ සුවය ලැබු රෝගීන් තිදෙනෙකු රෝහලෙන් පිටත්ව ගිය අතර ඒ අනුව මේ වන විට 507 දෙනෙකු නෙවාසිකව ප්‍රතිකාර ලබයි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.


More News