Tuesday, April 28, 2020

Written on

UPDATED: 🔥 කොරෝනා ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළට

 Update 16:33PM 29-04-2020
 අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 481දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.
මෙරට තුළ මේ වන විට කොවිඩ් මරණ 07ක් සිදුව තිබේ.


Update 9:15PM 29-04-2020
ඊයේ (28) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊයේ සවස හඳුනා ගත් ආසාදිතයින් අට දෙනාගෙන්  05 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන අතර අනෙක් තිදෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 478 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙරට තුළ මේ වන විට කොවිඩ් මරණ 07ක් සිදුව තිබේ.
 

Update 8:00PM 28-04-2020
අද(28) රාත්‍රී 8 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 611 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 ඒ අනුව අද දිනය තුළ පමණක් කෙරෝනා ආසාදිතයින් 23 දෙනෙක් වාර්තා වී ඇත.
අද දිනය පුද්ගලයින් 8 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය අතර ඒත් සමඟ සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 134 ක් දක්වා වැඩි විය.

ලංකාවේ මේ වන විට කොරෝනා අසාදිතයින් 7 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.


More News