ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින
ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු ගෙන්වා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය
ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර්සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම
නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන බව
ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම කියා සිටී.
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම කියා සිටී.
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 443 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම කියා සිටී.
ඒ අනුව මෙම ගමනාන්ත අද (21) සිට 24 වැනිදා
දක්වා ක්‍රියාත්මක බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ මාධ්‍ය කළමනාකරු
දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව අද (21) දින ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 93දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතය. 23 වන දින තවත් මගීන් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු මෙරටට පැමිණීමට නියමිතව සිටියි.

මෙම ප්‍රාන්තවල ඇති ශ්‍රී ලංකා මහ
කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ
සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇත. මෙලෙස ඔවුන් සියලු දෙනා
ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ
සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් අදාළ ආයතනවල භාර දෙන බවද ශ්‍රී
ලංකන් ගුවන්සේවය කියා සිටී.
විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකික
සිසුන් නැවත ගෙන්වා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩ සටහනේ කොටසක් ලෙස මෙම විශේෂ
ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන්
සිදු කෙරේ. වසංගතයේ මුල් දිනවල වුහාන් හි සිරවී සිටි සිසුන් පිරිසක් ද
ඇතුළුව රටවල් කිහිපයක අතරමංව සිටින බැතිමතුන් සහ සිසුන් දිවයිනට ගෙන ඒම
සඳහා ගුවන් සමාගම මීට පෙර ද එවැනි ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළේය.