3.55 pm Update
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ලබන 12 වනදා දක්වා මෙම තහනම බලපැවැත්වෙන අතර එදින යලි පෙත්සම සලකා බලනු ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කරනු ලැබීය.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට
අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබුණි.
මෙම තීන්දුව අනුව දැන් ලංකාවේ අගමැතිවරයෙකු නොමැත.
3.30 pm Update
අගමැතිගේ තීන්දුව දෙන අතරේ මරදානේ පොහොට්ටු රැලියක් සංවිධානය කර ඇත.
තීන්දුව දෙන්නට නියමිතව තිබියදී ඒ ආසන්නයේම මරදානේ ජාතික එකමුතුව නමැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ සංවිධානය මගින් “ජනවරමට අවසරයි” යනුවෙන්
ජන රැළියක් සංවිධානය කර ඇත.මේ හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇත.
මෙම රැලිය ඒ ආසන්නයේම සංවිධානය කර ඇත්තේ ජනතාවගේ ශක්තිය අධිකරණයට පෙන්වීමේ අටියෙනි.
3.00 pm Update
අද අභියාචනාධිකරණයේදී විභාගයට ගැනෙන අගමැති මහින්දගේ නීත්‍යානුකූලභාවය පිලිබඳ තීන්දුව දැක බලාගන්නට පක්ෂ විපක්ෂ දෙපිරිසේම නීතීඥයින් ඇතුළු දේශපාලනඥයින් මේ වනවිට
අධිකරණයට රැස්ව සිටී.