
පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී යන මාධ්‍ය ආයතනවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවට හා රජයේ මුද්‍රණාලයට ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇතැයි සඳහන්.
එම ආයතනවල ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායම් 02ක් යොදවා ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළා.