Sunday, November 4, 2018

Written on

[VIDEO] අදත් නව අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

වත් අමාත්‍යවරුන් පිරිසක් අද (04) මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

එම අමාත්‍යවරුන් වන්නේ ,

දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්,

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,

වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත් ,

අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කර්යාලය පවසයි.

මේ අනුව නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දී තිබේ.

අශෝක ප්‍රියන්ත මහතා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මිට පෙර කටයුතු කළේය.

ඒ අනුව මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු නව රජයේ අමාත්‍ය ධුර ලබාගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර අද පෙරවරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් තමන් ද ආණ්ඩුවට සහය දෙන බවයි.

ඒ අනුව මේ වන විට ආණ්ඩුවට සහය පල කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 105 දක්වා ඉහළ ගොස් තිබේ.

නව සංයුතියට අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව  97ක් වේ.

පාර්ලිමේන්තුව තුළ දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 15ක් පවතින අතර ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 06ක් සහ මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙක් ස්වාධීනව කටයුතු කරනු ලබයි.


More News