කළුතර දකුණ ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ කළුතර පාලම අසල මල් අලෙවි කරන ස්ථානයක් තුළ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.
අනියම් පෙම් සබඳතාවක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ප්රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.