Thursday, November 1, 2018

Written on

[VIDEO] මුහුදට කඩාවැටුණු ලයන් එයාර් ගුවන් අනතුර සිදුවීමට මොහොතකට පෙර ගත් වීඩියොවක්

සුගියදා මුහුදට කඩා වැටී අනතුරට ලක්වූ බෝයිං 737 ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර ගත්තා යැයි පැවසෙන  වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එහි සිටි මගීන් දෙවියන් වෙත යාඥා කරමින් සිටින අයුරු එම වීඩියෝවෙහි දක්නට ලැබෙන අතර අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානවේ කාර්ය මණ්ඩළය ඇතුළු මගීන් 188 දෙනෙකු එහි ගමන් කරමින් සිට තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලයන් එයා මගී ගුවන් යානයක්.

ජකර්තා නුවරින් ගුවන් ගමන් ආරම්භ කළ යානය ගුවන් ගතකර මිනිත්තු කිහිපයකට පසුව ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබූ රේඩාර් සම්බන්ධතා බිඳවැටී තිබූ අතර විනාඩි 13කට පසුවයි යානය ජාවා මුහුදට කඩා වැටී තිබුණේ.

අනතුරින් එහි ගමන් ගත් මගීන් සියලු දෙනා මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

එම වීඩියෝව පහතින්. 

More News