
ඊයේ (12) රාත්රී 11.00 පමණ මෙම අනතුර සිදු ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පසුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් ප්රථිකාර ලබන අතර ඔහුගේ තත්ත්වයද බරපතළ බව වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර සමගිපුර ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි යොහාන් මදුසංක නැමති තරුණයෙකි .
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිහින්තලය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.