
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රි ප්රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ නවින් දිසානායක මන්ත්රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්බයේදී සිදුවී ඇත.
කතානායකවරයාගේ මුලාසනය අසලට පැමිණි පක්ෂ හා විපක්ෂ මන්ත්රිවරුන්ගේ විරෝධතාවයට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්රී සිඩ්නි ජයරත්න බිම ඇද වැටී තිබෙනවා.
මේ අතර කතානායකවරයාගේ මුලාසනය අසල තිබෙන මයික්රෝෆෝනයක් ගලවා දැමීමට උත්සහ කිරීමේදී මන්ත්රී දිලුම් අමුණුගමගේ අත තුවාල වී ඔහු රෝහල කරා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.