පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූ බව නියෝජ්‍ය කතානායක අනාන්ද කුමාරසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ඒ අනුව තේරිම්කාරක සභාව වෙනුවෙන් පක්ෂ නියෝජනය වන ලෙස පක්ෂ නියෝජිතයන්ගේ නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබාදෙන ලෙස ද දැනුම් දෙන ලදී. පාර්ලිමේන්තුවේ දැනට ඇතිව තිබෙන තත්ත්වය මෙම තේරීම් කරක සභාවේ දී සාකච්ඡාවට ගැනෙනු ඇත.
ඒ අනුව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තේරීම්කාරක සභාවට ආණ්ඩු පක්ෂය නියෝජනය වන ලෙස බහුතරයක් තේරීම්කාරක සභාවට ඇතුළත් විය යුතු බවට ප්‍රකාශ කළේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාවට පැමිණ සිටි අතර අග්‍රාමාත්‍යවරයාට වෙන් කර තිබු අසුනේ අසුන්ගෙන සිටියේ ය.
පාර්ලිමේන්තුවේ කටයුතු සාමකාමි ලෙස පැවැති අතර සභාව නොවැම්බර් 23 දින පෙ.ව.10.30 දක්වා කල්තබන බව නියෝජ්‍ය කතානයකවරයා සභාවට දැන්විය.