Wednesday, November 14, 2018

Written on

ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනී

හිටපු  ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් දේශපාලනයට පැමිණීම පිලිබඳ මින් ඉහත අප හෙලි කළ ආකාරයටම එම කතාව සත්‍ය බව සනාථ කරමින් අද දින ඩිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

වෙනස් වෙනස් ක්ෂෙත්‍රවල ජනප්‍රිය අය දේශපාලනයට හඳුන්වාදීමේ රාජපක්ෂ සංකල්පයට අනුව යමින් ඔහු මෙලෙස පොහොට්ටුවට එක්ව ඇති බව දේශපාලන ආරංචි සැල කරයි.

ඉදිරි මැතිවරණයකදී ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වදින බවටද ආරංචි පවතී.


More News