Tuesday, October 16, 2018

Written on

පාරමීගෙන් ලංකාවට යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කමක්


ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම හිමිකර දීමට පාරමී වසන්ති සමත්වූවාය. ඒ ආජන්ටිනායේ පැවැත්වෙන තෙවැනි යෞවන ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවී‌මේ තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමිනි.

‍‍‍ෙමම ඉසව්වේ පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙලින් කෙන්නියානු හා ඉතියෝපියානු ක්‍රිඩිකාවෝ දිනාගත්හ.


ඇය එම  ඉසව්ව විනාඩි 6:33.06  කින් නිම කළ අතර එය ඇයගේ පෞද්ගලික හොඳම කාලයද වෙයි.

More News