
අද උදෑසන 9.25 ට පමණ හුලංකන්ද, දම්පහල මාර්ගයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හීගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාතර පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති පුද්ගලයෙක් බව වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල අකුරැස්ස වත්ත ප්‍රදේශයේ පදිංචි ඊ.එස් චමින්ද දයාරත්න නැමති 44 හැවිරිදි පුද්ගලයෙකි.
අද උදෑසන දරුවන් පාසලට රැගෙන ගොස් තම සේවා ස්ථානය වන ඌරුබොක්ක පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙන අතරතුර දම්පහල පාසල් මාවතේ අතුරු මාර්ගයකදී යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇත.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.
ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.