හැටන් ප්‍රදේශයේ තරුණයෙකුට පහර දී බෝතලයකින් ඇණ තුවාල සිදු කල තරුණයන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් ඊයේ (30) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගනිමින් දෙපිරිස අතර ඇතිවුවේ යැයි කියන ගැටුමෙන් තුවාල ලැබු තරුණයා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් සමග තිබුණේ යැයි කියන ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයාව ඔහු අධ්‍යාපනය ලැබු පාසලෙන් විනය පරික්ෂනයක් පවත්වා පාසලෙන් ඉවත් කර සිටින අයෙකු බවද සඳහන්.
මෙම ගැටුමට සම්බන්ධ දෙපිරිස වයස අවුරුදු 18-20 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් පස්දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් හැටන් පොලිසිය පවසනවා.
Wednesday, October 31, 2018
Written on
11:11 AM