Monday, October 29, 2018

Written on

[BREAKING NEWS] VIDEO - අර්ජුන රණතුංග අත්අඩංගුවට

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ(28) සවස සිදු වූ වෙඩි තැබීමෙන් එහි සේවකයකු මිය අතර, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා කොළඹ, අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීමට අදාළව විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පොලිස්පතිවරයා විසින් බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද දෙරණට පැවසීය.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීම ඇත්තේ අද සවස 3.50 ට පමණයි.

දෙමටගොඩ ගුවන් පාලම අසල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය බඩුබාහිරාදිය  ගැනීමට පැමිණ ඇති අතර එහිදී  මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබේ.

එම අවස්ථාවේ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයකු වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළ අතර එම අවස්ථාවේ එහි තත්ත්වය ජංගම දුරකතන කැමරාවක පටිගත වී තිබුණේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමට කටයුතු කළේය.

මේ අතර එම අවස්ථාවේදී සංස්ථා පරිශ්‍රෙය් සිර වී සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම බලකායේ නිල ඇඳුමක් අන්දවා ගොඩනැඟිල්ලෙන් පිටතට රැගෙන ගිය ආකාරය දක්නට ලැබිණ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් අද උදෑසන සිට ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනයක් ආරම්භ කර තිබු අතර, මේ වන විට එය නවතා දමා ඇති බව ද අද දෙරණට වාර්තා විය.

More News