Saturday, December 24, 2016

Written on

වැරදි කරපු බස් රියදුරා නිදහස් – වැරැද්දට දඬුවමක් දෙන්න හදපු කෙනාට වෙච්ච දේ

කොයිතරම් නම් නීති ගෙනාවත්, දඩ මුදල් වැඩි කළත් මේ බස් රියදුරන්ගේ හැදියාව නම් කිසිදාක හැදෙන්නේ නැහැ කියලා මේ වීඩියෝ එක බලන ඔය කාටත් හිතේවි.

මොකද මේ බස් රියදුරා තමන්ට ධාවනයට කිසිසේත්ම නොසුදුසු විදිහට රථවාහන ගාල් කර තියෙන ස්ථානයකින් තමන්ගේ බස් රථය ධාවනය කරනවා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේදී.

මේ බස් රියදුරාට තියෙන තදියමට මෙයා මෝටර් රථයක් පසුකරගෙන යන්න ලොකු උත්සාහයක් ගත්තේ මේ විදිහටයි.

ඉතිං ඒ වෙලාවේ මේ බස් රියදුරාට දෙන්න පුළුවන් දඩුවමක් විදිහට මේ මෝටර් රථයේ රියදුරා බස් රථයට ඉදිරියට යන්න නොදී මාර්ගය අවහිර කරලා තියෙනවා.

කොහොම වුනත් මේ සිදුවීම වෙන මොහොතේ මේ මාර්ගයේ වම් අත පැත්තේ පොලීසියේ මහත්වරු කිහිපදෙනෙක්ම ඉදලත් බස් රථ රියදුරා කරන්න ගිය වැරැද්ද නම් දැකලා නැහැ.

හැබැයි මාර්ගය මැද අර කියපු මෝටර් රථ රියදුරා බස් රථයට කරපු දඩුවම දැකලා නම් පොලීසිය ඇවිත්ත මෙයාව නතර කරලා ඔහුට තමන්ගේ බලය පෙන්වනවා.

More News