මිරිහාන රැදවුම් කදවුරේ රදවා සිටියදී පැන ගොස් යළි අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයින් 5 දෙනා වකුගඩු ජාවාරමේ නිරතව සිටියදී ලබා ගත් මුදල් කොළඹ රාත්‍රී සමාජ ශාලා වෙත ගොස් වියදම් කර ඇති බව හෙළි වී තිබෙනවා.
ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ඉන්දියානුවන් භාවිත කළ ජංගම දුරකථන ඔස්සේ ද මෙම ජාවාරම පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බව පොලීසිය කියා සිටියා.
මිරිහාන රැදවුම් කදවුරේ රදවා සිටියදී පසුගිය 8 වන දා මොවුන් පළා ගොස් තිබූ අතර, ඉන් දින 3කට පසු මෙම ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගනු ලැබුවේ මන්නාරම - පේසාලේ ප්‍රදේශයේදියි.
ඒ, ඔවුන් මුහුදු මගින් ඉන්දියාවට පැන යාමට සූදානමින් සිටියදීයි.
සැකකරුවන් වයස අවුරුදු 26ත්, 33ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා.
එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් ලක්ෂ 5ක මුදලකට මොවුන් ඉන්දියාවට රැගෙන යාමට සූදානමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.
පසුව ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් ඉන්දීය ජාතිකයින් 5 දෙනා මේ මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අත්අඩංගුවට ගත් මත්ස්‍ය ව්‍යාපාරිකයා ඇප මත මුදා හැරීමටයි එහිදී මහේස්ත්‍රාත් ඒ.ජී. ඇලෙක්ස් රාජ් නියෝග කළේ.

-
The 99/06 bridge on the Colombo-Badulla road in Ratnapura...
-
Senior Supreme Court Judge, Eva Wanasundera took oaths as the Acting...
-
The strike scheduled for tomorrow (15) by the Lanka Private Bus Owner...
-
Sky watchers are preparing for the latest "supermoon" as Ea...