Friday, September 23, 2016

Written on

උලත් එකයි පිලත් එකයි කියලා ටකරමක් ඇඳලා රඟපාපු බියංකා අතුරුදහන් වෙලාද..?

හර්ෂට උලත් එකයි පිළත් එකයිද?
ම්... ඔය අහන්නෙ මගේ මුල්ම චිත්‍රපටය ගැනනෙ. චිත්‍රපටයෙ නමත් එක්ක ප්‍රේක්ෂකයන්ට හොඳට දැනෙයි කියලා හිතුණා.
අපිට නම ඇහුවහම එකපාරට මතකෙට එන්නෙ පරණ චිත්‍රපටයක නමක්?
ඒක වෙන්න පුළුවන්. මොකද මමත් ඉස්සර ඔය කියන චිත්‍රපටවල රසිකයෙක්. ඉතින් සමහර චිත්‍රපට මම කිහිප පාරක් බැලුවා. චිත්‍රපටවලට තිබුණ ආසාව මාව සිනමාකරුවෙක් බවට පත් කළා කිව්වොත් හරි.
ඒ කෙහොම වුණත් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට ඔබ ලොකු අභියෝගයක් දුන්න නේද?

උලත් එකයි පිළත් එකයිවලට රොෂාන් රණවක ගන්න හේතුව වුණෙත් මම ඔහුගෙන් විශේෂත්වයක් දැක්ක හින්දා. අනෙක් අධ්‍යක්ෂවරු රොෂාන්ව කොටුකරපු පෙම්වතාගෙ රාමුව මං බිඳලා දැම්මා.
රොෂාන් රඟපාන වැඩේ තිතටම කළාද?
රොෂාන් විතරක් නෙවෙයි. දර්ශන් ධර්මරාජ් ඔහුත් චිත්‍රපටයේ විලන්ගෙ කැරැක්ට් එක හොඳට කළා කියලා හිතනවා. මොකද මීට කලින් දර්ශන රඟපාපු හැම චිත්‍රපටයකම එයා රඟපෑවේ කොටි සාමාජිකයාගේ චරිත.
තමන්ගෙ මුල්ම චිත්‍රපටය හිට් කරගන්න හර්ෂ නොගැහුව ගේම් එකක් නෑලු නේද?
අංචි ඇදලා නම් චිත්‍රපට හිට් කරගන්න තැන මම නෑ. අද මිනිස්සු ලෝකෙ රටේ හැම දෙයක්ම දන්නවා. ඉතින් කාවවත් රවටලා අපි ෆිල්ම් බලන්න මිනිස්සු ගෙන්නන්නෙ නෑ.
එහෙම රවට්ටලා මිනිසුන්ව ගෙන්වන අයත් ඉන්නවද?
අපොයි ඔව්.
දැන් සිනමාව ඉස්සර වගේ නෙවෙයි දියුණුයිනේ. 3D වලට නොයෑමෙන් උලත් එකයි පිළත් එකයි ජනප්‍රියි වෙන්නැතිවෙයිද දන්නෙ නෑ?
කවුරු හරි කියනව නම් දැනට සියයට සියයක් 3D චිත්‍රපට බිහිවෙනව කියලා ඒක තාම එහෙම නෑ. ඔය හැම දෙයක්ම Film එක මාකට් කරගන්න කරන වැඩ.
චිත්‍රපටය මාකර්ටින් කරගන්න ද හර්ෂ බියංකට ටකරමක් ඇන්දුවෙ? එහෙම රඟපාපු බියංකට චිත්‍රපයේ ප්‍රොමෝෂන් වැඩවලට කතා කලත් ප්‍රතිචාර නෑ. මොබයිල් වැඩත් නෑ?
නෑ ඒක චිත්‍රපට තිරපිටපතේම තිබුණු කොටසක්. තිරපිටපතේ තිබුණු විදියට බියංකට ටකරමක් අඳින්න වුණා. ඉස්සර නම් චිත්‍රපටවල මේ වගේ වෙනස්කම් දකින්න පුළුවන්නෙ. මාත් කළේ අන්න ඒ වගේ දෙයක්. සතුටුයි කියන්න ඒකට ප්‍රතිචාර නම් ගොඩක් තියෙනවා.
හර්ෂගෙ මුල් චිත්‍රපටයට ජේ‍යෂ්ඨයෝ මොකද කිව්වේ?
ඔවුන්ගෙ ප්‍රතිචාර හැමදාම මට වැදගත් වුණා. අදත් මම කැමැතියි මේ හරහා හොඳ වගේම නරක ගැනත් කතා කරනව නම්.
අද වෙනකොට වාණිජ සිනමාවට පණ ඇවිත්. ඒ කියන්නෙ සම්භාවනීය සිනමාව වැටිලද?
වාණිජ සිනමාවට සියලු දෙනා ඇලුම් කරනවා. අපේ වගේ රටකට වඩාත්ම ගැළපෙන්නේ වාණිජ සිනමාව කියලයි මගේ පෞද්ගලික මතය.
උලත් එකයි පිලත් එකයිවලට පස්සෙත් තව ලොකු වැඩකට අත ගැහුවලු නේද?
ඔව්. ෆේස් ටු ෆේස් කියන චිත්‍රපටයට ළඟදිම අධ්‍යක්‍ෂණය කරනවා.

More News