Wednesday, November 4, 2015

Written on

යුරේනිගේ හිස නැති වාහනය ගැන ඇත්තම කියයි

අන්තර්ජාලයේ පුවත් මවන්ණියක වන ටෙලි නිළි යුරේනි නෝශිකා මිලදී ගත් බව කියන මිලියන 7 ක් වටිනා හිස නැති මෝටර් රථයක් ගැන පසුගිය කාලයේ වාර්තා පළවුණා.
හොන්ඩා එස් 660 වර්ගයේ මෝටර් රථයක් වන එය ලොවටම නිපදවා ඇත්තේ 660 ක් බවත් ඉන් දෙකක් පමණක් ලංකාවට ගෙනවිත් ඇති බවත් වාර්තා විය.

යුරේනි අලූතින්ම වාහනයක් ගත් කතාව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීම සම්බන්ධයෙන් ඇය පුවත්පතට කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙවැන්නකි.
“ඔව්.. මං වාහනයක් ගත්තා. හැබැයි ඒ මං දුක් මහන්සිවෙලා හම්බකරපු සල්ලි වලින්.. මං ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු අටක්. ඒකෙන් අවුරුදු හතක්ම මං වාහනයක් නැතුව හිටියා. ඒත් කව්රුත් මට වාහනයක් නැති එක ගැන හොයලා බැලූවේ නෑ. හැබැයි මං දුක් විඳලා ලෝන් දාල වාහනයක් ගත්තම ඒක ප‍්‍රශ්නයක්. මං හෙමින් ගමනක් යන කෙනෙක්.
මං මුලින් ගන්න හිතන් හිටියේ ගෙයක්. ඒත් අන්තිමට ඒ තීරණය ටිකක් වෙනස් වෙලා මං වාහනයක් ගත්තා. අනික මං ඔය කෙටි පාරවල්වලින් හම්බකරපු කෙනෙක්නම් ෆීල්ඞ් එකට ඇවිත් මාස දෙක තුනක් යනකොට ගෙවල් අරං බීඑම්ඩබ්ලිව් පදින්න  ඕන. මං හරි විදිහට මගේ ගමන යන නිසයි අවුරුදු අටක් ගිහිල්ලත් ක්ෂේත‍්‍රයට මෙච්චර අලූත් කට්ටිය ඇවිල්ලත් මට සාර්ථකව ක්ෂේත‍්‍රයේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.




More News