Sunday, November 1, 2015

Written on

හිසකෙස් ලස්සන කරගන්න බියර් ස්නානය කරන්න

බියර් වලින් හිසකෙස් සේදුවොත් සිදුවන්නේ කුමක්ද ?
පානය කරනවාට අමතරව බියර් වලින් තවත් බොහොමයක් ප‍්‍රයෝජනවත් කාර්යයන් රැුසක්ම සිදුකරගන්න ඔබට පුළුවන්. ස්නානය කිරීම, තණකොළ සාරවත් කිරීම සහ කූනිස්සන් තම්බා ගැනීම වැනි දේවල් උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්නට පුළුවන්.
නමුත් බියර් වලින් හිසකෙස් සෝදන බවක් ඔබ මින්පෙර අසා තිබෙනවද ? විශ්වාස කිරීමට අපහසු වුනත් ඔබේ හිසකෙස් සඳහා බියර් ඉතාමත්ම ගුණදායකයි.
බියර් නිෂ්පාදනය සඳහා භාවිතා කරන මෝල්ට් සහ බීර මල් වල හිසකෙස් වල පිට සිවිය ශක්තිමත් කරන ප්‍රෝටීන් බහුලවම අන්තර්ගත වෙනවා. ඒවගේම වර්ණ ගැන්වීම, බොකුටු කිරීම, දිග හැරීම සහ බ්ලෝ ඩ‍්‍රයි කිරීම වැනි දේවල් වලින් හානිවූ හිසකෙස් අලූත්වැඩියා කිරීමේ සුවිශේෂී හැකියාවක්ද එම ප්‍රෝටීන් වලට තිබෙන බව හොඳින් මතක තබාගන්න.ල ය්සර එර්බිචක්බඑ
හිසකෙස් වල පිටසිවිය මත ප්‍රෝටීන් බැඳීම හේතුවෙන් සිනිඳු වී තිබෙන මතු පිටට ආලෝකය වැටෙන විට හිසකෙස් දීප්තියෙන් බබලනවා. ඉන් අදහස් වන්නේ ඔබේ හිසකෙස් දීප්තිමත් කිරීමේ සුවිශේෂී හැකියාවක් බියර් වලට ඇති බවයි. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, බියර් වල ඇති ඇල්කොහොල් වලින්ද හිසකෙස් වලට දීප්තිමත් බවක් එකතු වෙනවා. නමුත්, දිනපතා ඇල්කොහොල් භාවිතා කිරීමෙන් හිසකෙස් වියළීමේ හැකියාවක් තිබෙන බව හොඳින් මතක තබාගන්න.
බියර් ප‍්‍රතිකාරය සිදුකරන ආකාරය
බියර් කෝප්ප කාලකට ඒ හා සමානම වතුර කොටසක් එකතු කොට හොඳින් මිශ‍්‍ර කරගන්න. එම මිශ‍්‍රණයට ඇපල් සීඩර් විනේගර් මේස හැඳි දෙකක් එකතු කරනවානම් බියර් වලින් නිකුත්වෙන ගන්ධය ඉවත් කරගන්නට පුළුවන්. ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කිරීමෙන් පසුව, එම මිශ‍්‍රණය භාවිතා කරමින් මිනිත්තු කිහිපයක් හිසකෙස් සෝදා ගන්න. මෙම ප‍්‍රතිකාරය දිනපතා සිදුකරන්න එපා, මසකට දෙතුන් වතාවක් සිදුකිරීම හොඳටම ප‍්‍රමාණවත්. මෙම ප‍්‍රතිකාරය භාවිතා කරන විට, හිසකෙස් නිෂ්පාදන හේතුවෙන් හිසකෙස් මත ගොඩගැසෙන අයහපත් දේවල් වඩාත් හොඳින් ඉවත් වීමක්ද සිදුවෙනවා.

More News