මේ අපේ නළු නිළියන්ට මංගලයෝග උදාවෙලා තියෙන කාලයක් කියලා දැන්
හැමෝම දන්නවනෙ.. නළු නිළියන්ගේ විවාහ පෝලිමේ මේ වෙද්දී අවසානය දැකගන්නට
පුළුවන් වුණේ ඉෂාරා සඳමිණිගෙයි... ඔන්න ඉෂාරගෙ ඒ විවාහයෙ උණුසුම මැකෙන්නත්
කලින් තවත් කෙනෙක් මේ දවස්වල විවාහයට ලහිලහියේ සූදානම් වෙනවා... ඒ, ඉෂාරත්
එක්කම උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ හංසිකාගේ චරිතය රඟපාන රෂී ද සිල්වායි.
රෂිගේ විවාහය පිළිබඳ තොරතුරු දැන ගන්නයි දැන් අපි මේ සූදානම් වෙන්නෙ..
‘‘ඒ ආරංචිය මම මෙහෙම කියන්නම්කො.. විවාහය තුළ මගේ හිත ඇතුලෙ තිබුණෙ හරිම ලස්සන හීනයක්. ඇත්තම කිව්වොත් මට පෙම්වතෙක් හම්බවෙන්නත් කලින් ඉඳලමයි මම ඒ ගැන හීන මැව්වේ. ඊට පස්සෙ මගේ හිත ඇතුලෙ සැඟවිලා හිටපු කෙනා වගේම කෙනෙක් මගේ පෙම්වතා වුනාට පස්සෙ මම ඇගිලි ගැන්නෙ, මම දැකපු ඒ ලස්සන හීනය හැබෑකර ගන්නයි. දැන් ඉතින් ඒ දිනය අත ළඟටම ඇවිත් තියෙනවා.’’
‘‘අගෝස්තු මාසෙ හයවෙනිදා.. ඔන්න මම එහෙනම් ‘සඳැල්ල’ට තමයි ඒ ආරංචිය ඉස්සරවෙලාම කියන්නේ..’’
‘‘එයා ෂෙහාන් ප්‍රනාන්දු..’’
‘‘ෂෙහාන්ව මට හම්බවුණේ මම නොහිතපු විදිහට.., නොහිතපු මොහොතක.. තවත් දෙයක් කියන්නම ඕනෙ.., ෂෙහාන්ව ඉස්සරවෙලාම දකිද්දී.. මට දැනුනෙම එයා මම හිත ඇතුලෙ මවාගන හිටපු කෙනා වගේම කෙනෙක් කියලයි... ඒත් මම ඉස්සර වෙන්නනම් ගියෙ නෑ. (සිනා) ඒ හැඟීම හිතේ තියාගෙනම හිටියා.
‘‘ඊට පස්සෙ ඉතින් සිද්ධවෙන්න ඕනෙ විදිහටම.. එයාම මගෙන් ඇහුවා..’’
‘‘පිස්සුද මම කිව්වා.. ටිකක් හිතන්න ඕනෙ කියලා.. ගෙදරින් අහන්න ඕනෙ කියලා.. ඒ වුනාට මගෙ හිත ඇතුලෙ තිබුණෙ නම්... මට හරියටම ගැලපෙන කෙනා හම්බවුණා කියලයි.
‘‘මංජුලා කුමාරි නිෂ්පාදනය කරපු ‘‘සපුමලී’’ ටෙලි නාට්‍යයේ ෂූටින් සිද්ධවෙන අතරෙයි ඒ හමුවීම සිද්ධවුණේ..’’
‘‘නෑ... ෂෙහාන් කලා ලෝකයට කිසිම විදිහකින්වත් සම්බන්ධ නෑ.. එයා ව්‍යාපාරිකයෙක්..’’
‘‘නෑ... කොහෙත්ම නෑ.. හැමෝම කිව්වෙ.. හරියටම ගැලපෙන දෙන්නෙක් කියලයි... දෙපාර්ශ්වයම එක වගේම කැමතිවුණා..’’
‘‘ඔව්, ඒ හමුවීමෙන් පස්සෙ අපි දෙන්නා අවුරුදු තුනක් විතර පෙම්වතුන් විදිහට හිටියා. මම ආගමට ගොඩක් නැඹුරුවුන කෙනෙක්.. මට හිතෙන්නෙම ෂෙහාන්ගෙ හමුවීම සංසාරගත බැඳීමක් කියලයි... ෂෙහාන්ව මම මුලින්ම දැකපු වෙලාවේ මට ෂෙහාන් ගැන දැනුන හැඟීමමලූ එයාටත් මම ගැන දැනුනෙ...’’
‘‘මම රඟපානවට ෂෙහාන්ගෙ කිසිම අකමැත්තක් නෑ.. ඒවගේම එයා කැමතියි මම රඟපාන විදිහටත්. ඒ කියන්නෙ මම එකපාර චරිත මහා ගොඩාක් බදාගෙන රඟපාන කෙනෙක් නෙවෙයිනෙ. මට ආස හිතෙන චරිතයක් ලැබුනොත් තමයි මම රඟපාන්නෙ. මම රඟපාන්න ඇවිත් දැන් අවුරුදු දහයක් වෙනවා. ඒ කාලසීමාවකදී මම සීමිත සංඛ්‍යාවක විතරයි රඟපාල තියෙන්නෙ.. ඒක ඉදිරියටත් එහෙම්මම වෙයි..’’
ඔව් මගේ ෂෙහාන් නළුවෙක් වගේ හැන්ඞ්සම් තමයි...’’
‘‘... රඟපෑම පැත්තට නෙමෙයි.. රූපගත කිරීම් කරන පැත්තකටවත් මම ෂෙහාන්ව එක්කගෙන යන්න කැමති නෑ..’’
‘‘අපේ ආදරයට තියෙන ආදරය නිසා..’’