Wednesday, August 19, 2015

Written on

කෙල්ලෝ 4යි කොල්ලෝ 5යි නිරුවතින් දිය කෙළිද්දී මාට්ටු

නිරුවතින් දිය නාමින් සිටි තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයින් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් තෙල්දෙණිය, හුළු ගඟේ  දිය නෑමට පැමිණ බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිට ඇත.
එහිදී ප්‍රදේශවාසීන් විසින් මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් වයස අවුරුදු 20ත් 25ත් අතර පසුවන අය බව පැවසේ. අත්අඩංගුවට ගත් මෙම පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන මස 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

More News