අනුරාධා නන්දසිරි සහ සෙව්වන්දි රණතුංග යන මේ සොයුරියන් දෙදෙනා ගැන කාටවත් අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවෙයි. අනුරාධා, සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි ප්‍රවීන ශිල්පිනියගේ එකම දියණියයි. එමෙන්ම සෙව්වන්දි රණතුංග යනු නැසීගිය සංගීතඥ විජේරත්න රණතුංග සහ ප්‍රවීන ගායන ශිල්පිනී විශාරද නිර්මලා රණතුංගගේ එකම දියණිය වන්නීය. තවත් විදිහකට කිවහොත්, මල්කාන්ති සහ නිර්මලා සොයුරියන්ගේ පරපුරේ ඊළඟ ප්‍රවේශය අනුරාධා සහ සෙව්වන්දි රණතුංග සොයුරියන් වන්නේය. එහෙත් අම්මලා තරමට සංගීතයෙන් මේ දෙදෙනා යමක් නොකරන්නේ ඇයි? සෙව්වන්දි සහ අනුරාධා සැඳැල්ලට ඒ ගැන කියාවි.
පසුගිය කාලයේදී මම මගේ මහත්තයා එක්ක පදිංචිව සිටියේ පිටරට. ඒ නිසා මට මගේ අම්ම ගැන වගේම තාත්තා ගැන බලන්න බැරිවුණා. ඒ නිසා දැන් නැවතත් මට අවස්ථාව ලැබී තිබෙන්නේ අම්මා තාත්තාට උදව් වෙන්න. ඒ දෙන්නගේ කටයුතු වලට මම දායක වන්නේ බොහෝම ආසාවකින්. ඒ වගේම උනන්දුවකින්. ඊට අමතරව බාහිර උපාධිය (ජ’පුර) සඳහා සූදානම් වෙනවා. ඊටත් අමතරව පාසැල් විෂය නිර්දේශයට අනුව සංගීත පංති පවත්වාගෙන යනවා. අමතරව තාත්තා පවත්වාගෙන යන පංතිවලටත් උදව් වෙනවා.
දරුවෝ දෙන්නගෙ වැඩ කටයුතු, මහත්තයාගේ වැඩ කටයුතු වගේම ගෙදර දොර වැඩකටයුතු සමග කාලය ගෙවෙනවා. දියණිය මේ වසරේදී ධරැුඛ කරන නිසා එයාට සහයෝගය දෙනවා. ඊට අමතරව අපේ අම්මා දැන් සිටින්නේ අපි එක්ක. තාත්තා නැතිවුණාට පස්සේ අම්මා ගැන වගකීම තියෙන්නේ අයියටයි, මටයි. ඉතින් අම්මාගෙ වැඩකටයුතු ආදරයෙන් බලා කියා ගන්න මම කැමැතියි. පුද්ගලික ජීවිතයේ ඒ විස්තරවලට අමතරව පොඩි ළමුන්ට සංගීත පංති පවත්වනවා. අද දවසේ ළමා ගී අංශය ගැන දැනුම අඩුයි. ඒ නිසා ඒ අංශයට දායකව ළමුන්ට යමක් සංගීතය වෙතින් ලබාදීම අපේ වගකීමයි.
පුද්ගලික ජීවිතයේ කටයුතු සමග වසර 10ක් විතර නිහඬව සිටියා. නමුත් මෙතෙක් ගැයූ ගීත කීපය මිනිසුන්ට හොඳට මතක බව පෙනෙනවා. පසුගිය කාලයේදී තීක්ෂණ අනුරාධ සහ ජගත් වික්‍රමසිංහ එක්ක යුග ගී දෙකක් කළා. එම ගීත වලට අමතරව තව මගේම ගීතයක් නිර්මාණය කළා. මොනවත් නොකර සිටි කාලයේදී සංගීතය වැඩිදුර හැදෑරුවා.
කවුරුත් නොදන්නවා වගේ වුණාට මා ගැයූ ගීත ගොඩක් තියෙනවා. සරල ගී වගේම ගුවන්විදුලි ශ්‍රේණිගත ශිල්පිනියක ලෙස ගැයූ ගීතත් ඊට ඇතුළත්. ඊට අමතරව මා ගැයූ ගීත තවත් තිබේ. නමුත් ප්‍රචාරය නොවේ.
සමහර ඒවායේ රූගත කිරීම් පවා කර තිබෙනවා. සමහර ගීත ගුවන් විදුලි නාළිකාවලට දීලත් තියෙනවා. ඉඳලා හිටලා සමහර වෙලාවට ඇහෙනවා. නැත්නම් නැහැ. හේතු දන්නෙ නැහැ.
තාත්තා එක්ක නිර්මාණය කළ ඒවා වගේම තනියම ගැයූ ගීත කීපයකුත් ජනප්‍රිය වුණා.
වසර 8ක් විතර මම ලංකාවේ හිටියෙත් නැහැනේ. ඉන්පසුව ලංකාවට එනකොට ගායන ක්ෂේත්රයේ වෙනස් සම්ප්රදායක් ඇතිවෙලා තිබුණා.
ඒ දේවල් එහෙම වෙන්නේ පතාගෙන, ලබාගෙන ආ විදිය නිසා වෙන්න ඇති. අපේ කාලයේදී තරගකාරීත්වය වඩා වැඩිවෙලා ලෝකයට ජනමාධ්‍ය විවර වීමත් එදාට වඩා පුළුල් වෙලා. ඒ සියල්ල සමග තරග කරන්න අපට සිද්ද වෙනවා. සම්ප්රදාය රැකගෙන අපි යමක් කරන්න උත්සාහ ගන්න නිසා හැලෙන්න වෙනවාත් ඇති.
මගේ අම්මා ගායනයෙන් ගමනක් ආවේ හරිම හෙමින්. මටත් ඒ පසුබිම තමයි තියෙන්නේ. ඇත්තටම මගේ මූලික සහ එකම අරමුණ වුණේ වෛද්‍යවරියක වීමටයි. මොකද මට වගේම අනුරාධා අක්කටත් අපේ දෙමාපියන් නිසා ජනප්‍රියත්වයේ අඩුවක් තිබුණේ නැහැ.
එක් රැයකින් ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. අපේ අම්මගෙ ගීත ශ්‍රවණය කරන්න වින්දනය හඳුනන පිරිසක් සිටිනවා. ඒ පසුබිම තමයි මටත් ලැබුණේ. ඒ නිසාම ගීතයක් නිර්මාණයට පෙර බොහෝ දේ ගැන හිතනවා. ඉක්මණට ඇවිත් ඉක්මණට නැතිවෙලා යන්න කැමති නැහැ. ‘‘සිනාමල් ගොඩක්’’ ගීතය ගැයුවේ වයස අවුරුදු 14 දී විතර. ඉන්පසුව සුබ මංතලයේ ගීතය ගැයුවා. ඒ ගීත ගැන අදත් බොහෝ දෙනා කතා වෙනවා.
අක්කා ගොඩාක් ගී නිර්මාණය කරලා තියෙනවා. මගේත් ගොඩාක් ගීත තියෙනවා. ඔව්, අපි ඒවා ක්‍ෘ ලෙස එළිදක්වන්නයි සූදානම.
ඇත්තටම ලොකු බැඳීමක් තියෙන්නේ ලොකු අම්මගෙ - පුංචිගෙ දූලාට වඩා සහෝදරියන්ට වඩා, හොඳ මිතුරියන් වගේ බැඳීමක් තියෙන්නේ. පාසැල් යන කාලයේ මම බොහෝ විට හැන්දෑවෙනකල් හිටියෙ ලොකු අම්මගෙ ගෙදර.
එක් එක් කාලවලදී එක් එක් ගී තිබුණා. නවාතැනින් ඇය යනවා, දූරාතීතේ, සොවින් පිරි, ඒ වගේ ගීත වගේම, වැඩිය ප්‍රචාරය නොවූ ‘‘මිය යමු දවසක එකම වෙලාවක’’ ගීතයටත් මම ගොඩාක් කැමතියි.
විශාරද නන්දා මාලනිය, අපේ අම්මාගේ ගීත වලට වගේම නිරංජලා පුංචිගේ ගීතවලටත් තවත් බොහෝ දෙනාගේ ගීතවලටත් කැමතියි. අම්මා ගැයූ මහාමෙරක් ලෙස, ඔබ ගැන සිතුවෙමි, සහ විශාරද නන්දා මාලිනියගේ අහස සේ ඔබ අනන්තයි, විශාරද දීපිකා ප්‍රියදර්ශනීගේ, පිතු සෙනෙහේ සහ පුංචිගේ ගීත ඔක්කෝටම වගේ ආසයි.