මෙවර සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ
හිමිකර ගනු ලැබුවේ දිවුලපිටියේ මල්ෂා රවිහාරි විසිනි. ඇය මෙලෙසින් නර්තන
කිරුළ හිමිකර ගැනීම එක්තරා විදියක දෛවෝපගත සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය.
ඩාන්සින් ස්ටාර් තරගය සඳහා අයදුම් කළ පසුව සිරසින් ලැබුණු කැඳවීමේ ලිපිය
ඇයගේ තාත්තා විසින් සඟවා තබණු ලැබිණි. නමුත් දෛවය යනු හරි පුදුමාකාර දෙයකි.
එසේ වූ පසු මල්ෂා නැවත මේ නර්තන කිරුළ දක්වා ගමනක් ගියේ කෙසේද? මල්ෂා
රවිහාරි නර්තන ශිල්පිණිය සමග අපි කතාබහකට එක්වෙමු.
ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම ඉගෙන ගත්තෙ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයෙන්. පවුලේ හය දෙනයි. අම්මයි, තාත්තයි, අයියයි, මල්ලිලා දෙන්නයි. අම්මා ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අයියා දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කරනවා. පාසල් ගිය කාලයේදී මම ගොඩාක් ප්‍රසිද්ධ වෙලා හිටියෙ මලල කී‍්‍රඩිකාවක ලෙසයි. දුර පැනීමේ ඉසව්වට වඩා දක්ෂ වුණා. නාවික හමුදා මලල කී‍්‍රඩා සංචිතයේ වසර හතරක් කටයුතු කළා. දුර පැනීමේ අංශයෙන් දකුණු ආසියාතික මලල කී‍්‍රඩා උළෙල 2010 ශ්‍රී ලංකාව නියෝජනය කළා. බස්නාහිර පළාත් තුන් පිම්ම අංශයේ වාර්ථාවකට හිමිකම් කියනවා.
කුඩා කාලයේ ඉඳලාම නර්තනයට ආසා කළා. උසස් පෙළට මුහුණ දුන්නෙත් නර්තන විෂයයන්ගෙන්. පසුව ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමට සම්බන්ධව කටයුතු කළා. මේ අතරවාරයේදී තමයි සිරස ඩාන්සින් ස්ටාර් තරගයට අයදුම් කළේ.
එය කී‍්‍රඩාව වගේම ජීවිතය හා බැඳී තිබුණු දෙයක්. කුඩා කාලයේ ඉඳලාම ගෙදර සාරි පටලවාගෙන කොහේ හරි උඩක නැගලා නර්තනයේ යෙදුණු බව අම්මා අදටත් කියන දෙයක්.
එතකොට එයාට අවුරුදු එකහමාරක් විතර ඇති. අපේ පාසලේ ප්‍රසංගයක් තිබුණා. ඒ ප්රසංගයේදී මෙයාටත් නටන්න ඕනැය කියලා ඇඬුවා. ඊට පස්සෙ එක වසරෙ පුංචිම ළමයකුගේ ඇඳුමක් අන්ඳවලා මෙයාව වේදිකාවට යැව්වා. එදා ප්‍රසංගයේ තිබුණු සෑම නැටුමකටම මෙයා නැටුවා. අන්තිමට බොහෝම අමාරුවෙන් වේදිකාවෙන් ගත්තෙ. මෙයා හරි නිර්භීත චරිතයක්. කුඩා කාලයේදී බිම තැබුවාම මෙයාව අල්ලන්න අපි දුවන්න ඕනෑ. මෙයා ගිහින් කොහේ හරි උඩක නැගලා හිටියෙ.
නර්තන ඉසව් 22 කට විතර මුහුණදීමට සිදුවුණා.
එකින්-එකට එක් එක් විදියෙ නිර්මාණ සහ වියදම් දරන්න සිදුවුණා. ඒ අතරින් ගොඩාක්ම විශේෂිත දේ වුණේ ජල තටාකයක කළ නර්තන අංගයයි. ඒ තටාකය නිර්මාණය කර දුන්නේ අපේ තාත්තා. ඒකට ලක්ෂ දෙකක විතර වියදමක් දැරුවෙත් තාත්තා. ඒ තටාකය සිරස පරිශ්‍රයට ගෙනාවාම ජලය පිරෙව්වෙ බවුසර්වලින්. ඇත්තටම එවැනි දෙයක් කිරීමට අවකාශය දුන්න සිරසට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඒ වගේම කේබල් (රැහැන්) පද්ධතියක එල්ලි කළ නිර්මාණයන් රියැලිටි තරගයක කළ පළමු වැන්න වුණා. නැවක් කුණාටුවකට හසුවූ දර්ශන ඉසව්වත් වෙනස්ම නිර්මාණයක් වුණා. ඇත්තටම මේවා එකින් එකට ගිය වියදම අපි ගණන් බැලූවේ නැහැ. නිර්මාණය ගැනයි හිතුවෙ.
එකින් එකට වෙනසක් කරන්න සහ නිකම්ම නර්තනයක් පමණක් ඉදිරිපත් කරන්න මට ඕනෑ වුණේ නැහැ.
ජල ටැංකියේ කළ නර්තනය ගොඩාක් අසීරු වුණා. මොකද වතුර ටැංකිය ඇතුළට ගියාම ගීතයෙහි හඬ ඇසුණෙ නැහැ. නමුත් සජීවි පටිගත කිරීම නිසා එය නිවැරැුදිව කරන්න සිදුවුණා.
දැන් කියමු බලන්න, ඇයි එදා තාත්තා ඔයාගෙ අයදුම්පතට සිරසෙන් ලැබුණු කැඳවීමේ ලිපිය ඔබට නොදුන්නෙ?
ඇත්තටම මම පවුලේ එකම ගැහැණු ළමයා. අම්මයි-තාත්තයි හරිම කාර්යබහුලයි. මේකට තේරුණොත් මාව එක්කගෙන යන්න එන්න වෙන්නෙ එයාලටයි. ඉතින් අම්මා තමයි ඒක හංගලා තියෙන්නෙ. කොහොම වුණත් සිරසෙන් ඇමතුමක් ආවා. ශ්‍රීමනි ලියනගේ මගේ නැන්දා. ඇය තමයි මුලින් මාව එක්කගෙන ගියේ. හොඳම 32 අතරට ආවාම අපේ තාත්තා කිව්වෙ අනිවාර්යයෙන්ම ඔයා තමයි ජයගන්නෙ කියලා. තාත්තා කිව්වොත් දෙයක් වෙනවා. අන්තිම මොහොතේ මම බැලූවෙ තාත්තාගෙ මුහුණ දිහා. තාත්තාගේ හිිනාවෙන් මට තේරුණෙ මම තමයි ජයගන්නේ කියලයි.
එකම දුවනෙ. දරුවෝ හතර දෙනාටම මම ගොඩාක් ආදරෙයි. මම හරිම කාර්යබහුලයි. ඉතින් දුව අරගෙන යන්න වේලාව නැති නිසා තමයි එහෙම කළේ. මාත් වෙස් බැන්ඳ නැට්ටුවෙක්. නර්තනයට ආසයි.
මගේ නර්තන සර් සංඛ ප්‍රසාද්, විලාසිතා කළ සංජු (සතිස විලාසිතා) අයියා, මගේ දෙමාපියන්, සහෝදරයින් මට ගොඩක් උදව් කළා. ඇත්තටම මේ කිරුළ තවම මට සිහිනයක්.