
තම පැටවුන් ගොදුරු කැර ගැනීමට පැමිණි සර්පයකු සමග ඇය සටන් වදියි. මව නැති අතරතුර හා පැටවුන් ඩැහැ ගැනීමට මේ සර්පයා පැමිණෙන්නට ඇත. එය දුටු යම් පුද්ගලයකු සර්පයා එළවා නොදමා සිය කැමරාව ක්රියාත්මක කරමින් බලා සිටියි. හා මව හදිසියේ ම එතැනට පැමිණේ. පැමිණි වහාම තම කටින් සර්පයා හපා කමින් සිය පැටවුන් බේරාගැනීමට මාරාන්තික සටනකට එළඹෙයි. සර්පයා එළවමින් වරින් වර හපා කමින් තමන්ගේ ද දිවි බේරාගෙන සටන් කරන හා මව අවසානයේ ජය ගනී. සර්පයා පලා යයි. හා පැටවුන් සර්පයාට ගොදුරු වූ බවක් සර්පයා දෙස බැලූ විට පෙනෙන්නේ නැත.