
එම පෙත්සම මගින් නීතිපතිවරයා අවධාරණය කර ඇත්තේ අදාළ තීන්දුව ගැන යළි සලකා බලන ලෙසයි.
එම තීන්දුව ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් විත්තිකරුවන්ට එරෙහිව දුන් එකී තීන්දුව අවලංගු කරන්නැයි ද නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.
කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක අභිරහස් ලෙස ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් තිදෙනෙකු පසුගිය මස 28දා නිදොස් කොට නිදහස් කෙරිණ.
එම තීන්දුව සම්බන්ධයෙන් මෙරට කාන්තා සංවිධානයක්ද අදාළ තීන්දුව ගැන යළි අභියාචනයක් කිරීමට මැදිහත් වන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.
එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ද එම තීන්දුව ගැන නීතිපතිවරයා මාර්ගයෙන් අභියාචනයක් කළ හැකි බව මාධ්‍ය හමුවකදී පැවසීය.
විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් තීන්දුව දුන් දින කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ ජනතාව රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගය හරස් කර ටයර් පුළුස්සා දැවැන්ත විරෝධතාවයක ද නිරත විණ.