
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.
එහිදී නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අදාළ මැතිවරණ ක්‍රමයට යෝජනා හා අදහස් ලබන සිකුරාදා දිනයට පෙර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත.
ඊට අමතරව විසි වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
හෙට පස්වරුවේ අදාළ කමිටුව රැස්වී විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අවධානය යොමුවී තිබේ.
පක්ෂය තුළ පවතින ඇතැම් දුර්මත පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී මන්ත්‍රීවරුන් හමුවේ අදහස් දක්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමග තමා කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
ඉදිරියේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ද සියලු මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර තිබේ.