
ඒ අනුව අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට යොමුකර ඇති බවත්, අද මධ්‍යම රාත්‍රීයේ එය ප්‍රකාශයට පත්වෙනු ඇති බවත් සඳහන්ය.
නව රජයේ දින සියයේ වැඩ සටහනට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු දිනය බොහෝ සේ ප්‍රමාද වුවද එය අද දින මධ්‍යම රාත්‍රීයේ සිදුකරනු ඇති බවට මීට පෙරාතුව දේශපාලන ආරංචි මාර්ග මගින් තහවුරු වී තිබිණි.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය අගොස්තු මස 17 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජූලි මස 6 වැනිදා සිට 15 වැනිදා සිදුකිරීමට නියමිතය.
එසේම බලයට පත්වන නව රජය යටතේ නව පාර්ලිමේන්තුවේ කටයුතු සැප්තැම්බර් 1 වැනිදා යළි ආරම්භ කෙරෙනු ඇත.