නව අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු
අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා
ඉදිරියේ දිවුරුම් දී තිබේ.
එලෙස දිවුරුම් දුන් ඇමතිවරුන්ගේ නාම ලේඛනය පහත පරිදිය.
01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - පාර්ලිමේන්තු කටයුතු පිළිබද කැබිනට් අමාත්‍ය
02- පණ්ඩු බණ්ඩාරනායක මහතා - රාජ්‍ය පරිපාලන සහ ප්රජාතාන්ත්රීය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය
03- රංජිත් සියඹලාපිටිය මහතා - පරිසර රාජ්‍ය අමාත්‍ය
04- හේමාල් ගුණසේකර මහතා - නිවාස සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය
05- චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා - ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රංජිත් සියඹලාපිටිය මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මේ වන විට කටයුතු කරමින් සිටින අතර එම නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්ට අමතරව ඔවුන් නව අමාත්‍යධූරවලට පත් කර තිබේ.
කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් සිව්දෙනෙකු පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් විය.
ඒ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, සී.බී රත්නායක සහ පවිත්‍රා වන්නිආරච්චි යන අයයි.
පසුගිය 21දා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ තවදුරටත් මෙම රජය සමග කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැති බවයි.
එසේ තිබියදී ගුවන් සේවා නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුම්දීම ද විශේෂත්වයකි.