
කෙසේ වෙතත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ ඇප අයඳුම්පත සලකා බැලීම පළාත්බද මහධිකරණය විසින් එළඹෙන 28 වන දින දක්වා කල් තබා තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය 18 වනදා කුරුණෑගල පළාත්බද මහාධිකරණය වෙත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණි.
එම අයදුම්පත සම්බන්ධ මහාධිකරණයේ තීරණය අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදීමට නියමිත තිබුණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ලක් සතොස ආයතන හරහා සිදුවු බව කියන මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය පස්වනදා අත්අඩංගුවට පත්වුණි.