
දිවයින පුරා පොදු ස්ථාන 26ක ස්ථාපිත කර තිබෙන වයි-ෆයි කලාප වලදී මෙම පහසුකම ලබා ගෙන තිබෙන බවත් වැඩිම පිරිසක් වාර්ථා වන්නේ කොළඹ දිස්ත්රික්කයෙන් බවත් නියෝජිතායතනය පවසයි.
මෙම පිරිස මෙගා බයිට් 41,701 ක [40.7GB] අන්තර්ජාල පහසුකම් බුක්තිවිද තිබෙන බවද නියෝජිතායතනය සදහන් කරයි.
යාපනය පුස්තකාලයේ දී මෙම වයි-ෆයි පහසුකම ලබා ගෙන තිබෙන පිරිස පණහ ඉක්මවා තිබේ.
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දීම නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ඉදිරි මාස කිහිපය තුලදී මෙවැනි ස්ථාන දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිත බව නියෝජිතායතනයේ කළමණාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පවසයි.