යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කල් තැබීමට පියවර ගනිමින් ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග මගින් පැවසෙයි.
එම සංශෝධනය අප්‍රියෙල් විසිවෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි එම ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ.
එවැනි පියවරක් ගනු ලබන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීම සැක සහිත වී ඇති හෙයිනි.
උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් අද (09) දේශපාලන පක්ෂ නායක සාකච්ඡාවක් සිදු වෙමින් පැවති බවත් වාර්තාවෙයි.
මේ අතර කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ 19 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ එවැනි වගන්ති ඉවත් කිරීමට තමා සූදානම් බවයි කියා සිටියේ.