Thursday, December 18, 2014

Written on

ගුරුවරයාගේ පහර දීමෙන් 7 හැවිරිදි දරුවා මරුට

හත් හැවිරිදි දරුවකු ගුරුවරයකුගේ පහර දීම නිසා මරණයට පත්ව ඇති බව ඉන්දියාවේ ඌටා ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මෙලස මියගොස් ඇත්තේ ඌටා ප්‍රදේශයේ පිහිටි පාසලකපෙර පාසල් ශිෂ්‍යයෙක් බවයි සඳහන් වී තිබුනේ.

මෙම දරුවා පාසලෙන් ලබාදුන් ගෙදරවැඩ නොකිරීම හේතුවෙන් සහ පාසැල් ගාස්තු නොගෙවීම හේතුවෙන් මෙම දරුවට පහර දීමට හේතුවී තිබෙනවා.අදාළ ගුරුවරයා මෙම දරුවාගේ හිස බිත්තියක වේගයෙන් හප්පා ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුව දරුවාගේ නාසයෙන් දිගින් දිගටම ‍ලේ ගලා ඇති අතර පාසල් බලධාරින් දරුවා රෝහල් ගත කර තිබෙනවා.මෙහිදී දරුවා රෝගීව රෝහල් ගත කර තිබෙන බවට දෙමාපියන්ට ද දැනුම් දී තිබෙනවා.

විදෙස් ආරංචි මාර්ගවල සඳහන් වී මෙම දරුවා සිහි නොලබාම මරණයට පත්ව ඇති බවයි.කෙසේ වුවද මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබෙනුයේ දරුවාගේ හිසට එල්ල වූ තදබල ප්‍රහාරයන් මෙම මරණයට හේතු වූ බවයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසලෙහි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහි කළමනාකරුට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව ද එරට ‍පොලිසිය සඳහන් වී තිබෙනවා.

More News