දැනට ඉවත්ව සිටින ඇමතිවරුන්ගේ තනතුරු හා ශ්‍රිලනිපයේ තනතුරු බෙදාගැනීමේ තරගය මත බරපතල ගැටුමක් නැවත වටයකින් ආරම්භ වී ඇත.
එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස නව ශී‍්‍රලනිප මහ ලේකම් අනුර පි්රයදර්ශණ යාපා අද උදෑසන 7 ට රූපවාහනී සංස්ථාව විසින් විකාශනය කිරීමට සැලසුම් කර තිබූ ආයුබෝවන් වැඩසටහනට පැමිණීම ද අවසන් මොහොතේ ප්‍රතික්ෂේප කර ඇත.
නව තනතුර වෙනුවෙන් එස්.බී. දිසානායන, නිමල් සිරිපාල, දීමු ජයරත්න, විමල් වීරවංශ යන සිවුදෙනා අතර ප්‍රබල මත ගැටුමක් නිර්මාණය වී ඇත.
මේ වනවිට විමල් වීරවංශ විසින් එස්.බී. දිසානායක සහ නිමල් සිරිපාල ඉලක්ක කර ප්රහාරාත්මත ප්‍රචාරයක් දියත් කර ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම ඇමති මණ්ඩලයේ සමගිය රැකගැනීම සඳහා වෙහෙසෙමින් සිටියි.