Thursday, August 7, 2014

Written on

ඇහැලේපොල කුමාරිහාමි ජනපති ඉදිරියේ හෑල්ලු වෙයි

ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටයට විශේෂ අනුග්‍රහයක් ලබාගැනීම සඳහා එහි විශේෂ දර්ශනයක් ජනාධිපතිවරයාට පෙන්වීම සඳහා අරලියහග මන්දිරයේදී එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක, නිශ්පාදක, නළුනිලියන් පිරිසක් විසින් පසුගියදා සංවිධානය කොට තිබී ඇත. 

මෙහි ප්‍රධානම අරමුණ වී ඇත්තේ දැනට පිටපත් 35 සීමාවට කොටුවී ඇති ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටය සඳහා එම වාරණය ඉවත්කොට පිටපත් 55 සීමාව දක්වා එය ලබාගැනීම වේ. 

කෙසේ වෙතත් එම චිත්‍රපටය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයා එම කණ්ඩායමෙන් විමසා ඇත්තේ මෙම චිත්‍රපටය පිටපත් 55 ක් දක්වා පෙන්විය යුත්තේ ඇයි දැයි යනුවෙනි. 

එහිදී වහාම එයට පිළිතුරු ලබාදුන් චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණවීර පවසා ඇත්තේ මෙය දැවැන්ත චිත්‍රපටයක් බවයි. 

නමුත් ජනපතිවරයා එයට එක එල්ලේම පවසා ඇත්තේ එම චිත්‍රපටයෙන් කිසිදු දැවැන්ත කමක් තමා නුදුටු බවය. 

More News