Friday, July 18, 2014

Written on

තවත් මැලේසියානු ගුවන් යානයක් කඩා වැටෙයි !

තවමත් අභිරහසක්ව පැවතෙන MH 370 ගුවන් යානයෙන් පසුව තවත් මැලේසියානු ගුවන් යානයක් රුසියානු දේශ සීමාව අසලට මෙයට ටික වෙලාවකට පෙර කඩා වැටී ඇත.  

ඇම්ස්ටර්ඩෑ,ම් සිට ක්වාලාලාම්පුර් දක්වා ගමන් ගත් MH17 ගුවන් යානය මෙසේ අනතුරට පත්ව ඇත්තේ මගීන් 295 දෙනෙකුද සමගිනි. මෙම ගුවන් යානය කඩා වැටීමට ලෙස විදෙස් මාධ්‍යය සඳහන් කරනු ලබන්නේ එය රුසියාව විසින් සිදු කරනු ලැබූ වෙඩි තැබීමක ප්‍රතිඵලයක් විය හැකි බවයි.  

පසුගිය ජුලි 14 වනදා අට දෙනෙකු ගමන්ගත් ජෙට් යානයක් කඩා වැටීම ටද ඇමෙරිකාව විසින් චෝදනා එල්ලකොට තිබුනේ රුසියාව වෙතයි. 

මලයාසියානු ගුවන් යානයේ සම්බන්ධතාවය නැතිවූ බව මලයාසියානු ගුවන් සේවය විසින්ද මේවනවිට නිල වශයෙන් ප්‍රකාශකොට තිබේ. 

නිල නොවන විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ අනතුරින් කිසිවෙකු දිවි ගලවාගැනීමට නොහැකි වී ඇති බවයි.  

මේ වනවිට ගුවන් යානා විශේෂඥයන් පවසන්නේ මෙම ගුවන් යානය බොහෝ විට buk නම් මිසයිලයකට ගොදුරු වී ඇති බවයි.

යානයේ ගමන් මග  

More News