විනාශ වූ නිවාස යළි ඉදි කිරීමට මෙන්ම කෝලාහල හේතුවෙන් හට ගත් මානසික කම්පනයට පිළියම් යෙදීමටත් බලධාරීන් මෙන්ම ස්වේච්ඡා සේවකයන්ද කටයුතු කරති.
සාමකාමිව
මේ ප්‍රදේශ වල ජිවත් වන ජනතාවට අවශ්‍යව ඇත්තේ ගැටුම් වලින් තොරව සාමකාමිව ජිවත් වීමට බවයි Gossip9 හට පවසන්නේ.
" අපි කිසිවෙක් සමග මතභේදයක් තබන් හිටියේ නැහැ. පිටින් ආපු දෙපිරිසක් අතර මතභේද ගැටුම් ඇති වුනා. එයින් අන්ත අසරණ වුනේ අතරමැදිව සිටි අපියි. " යයි අධිකාරිගොඩ ජිවත් වන ටෙල්කා ශ්‍රියානි පැවසුවාය.
මෝඩ මිනිස්සු
" අද වන විට තත්වය සාමාන්‍ය අතට හැරිලා තියනවා, නමුත් මොනවා වෙයිද කියල කියන්න බැහැ. මොකද මෝඩ මිනිස්සු ඉන්නවනේ. " යයි පවසන මොහොමඩ් නයීම් තමාට රුපියල් කෝටියකට ආසන්න දේපළ අලාභ හානි සිදු වී ඇති බව කියා සිටියි.
විනාශ වූ අලුත්ගම ගොඩනැගීම සඳහා මේ වන විට අලුත්ගම සංවර්ධන පදනම බිහි වී තිබේ .
එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන සාදීක් හුසේන් ප්‍රකාශ කරන්නේ සිදු වූ දේ පිළිබඳ කතා කිරීම පසෙකලා නැවත ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජිවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කල යුතු බවයි. ප්‍රදේශය යථා තත්වයට පත් වීමට මාසයක් පමණ ගත විය හැකි බව සාදීක් හුසේන්ගේ අදහසයි.
කුපිත
දේශපාලනික උවමනාවන් මත සහ සමාජ කොටස් වල අවශ්‍යතාවයන් මත ජනතාව කුපිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලුත්ගම සිදුවීම හැදින්විය හැකි බව එම ප්‍රදේශයේ සංචාරය කළ දකුණු ආසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ශඛාවේ සභාපති ලක්ෂ්මන් ගුණසේකර පවසයි.
මේ තත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ හැරියොත් එය දිගු කාලීන සහජීවනය ගොඩ නැංවීමට බාධාවක් බවයි ලක්ෂ්මන් ගුණසේකර වැඩි දුරටත් කියා සිටින්නේ.