අලුත්ගම ප්‍රදේශය ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ඇතිකරන ලද ජාතිවාදී ගැටුම්වලට ආරක්ෂක ලේකම්වරයා සෘජුවම වගකිවයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පැවති මාසික සැසිවාරයේදී විශේෂ ප්රකාශවයක් කරමින් සඳහන් කළේය.
පසුගිය 15 වනදා අළුත්ගම නගරයේ නීති විරෝධී රැස්වීමක් පවත්වමින් බොදුබල සේනා සංවිධානය ඉතා පහත් අන්දමින් ජාතිවාදය ඇවිස්සීමෙන් අනතුරුව මුස්ලිම් ජනතාවට සහ ඔවුන්ට අයත් දේපළවලට ප්‍රහාරයක් දියත් කෙරී ඇත. බොදු බල සේනා සංවිධානය මීට පෙර අවස්ථා ගණනාවකදී ආරක්ෂක ලේකම් වරයා සමග සහයෝගයෙන් කටයුතු කරමින් ක්‍රියා කළ බව සනාතවී තිබේ.
මෙම නීතිවිරෝධී රැලිය පැවැත්වීමෙන් අනතුරුව කුපිත වූ පිරිස් පුහාරයන් දියත් කරන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ආරක්ෂක අංශ තත්වය පාලනය කිරීමට මැදිහත් නොවී සිටි බවට චෝදනා එල්ලවී තිබේ. එවැන්නක් සිදු කර ඇත්තේ ආණ්ඩුවේ බලවතෙකුගේ උපදෙස් අනුව බව පැහැදිලිය.
ජාතිවාදී පහරදීම් පිළිබඳව අද (17) පැවති මාසික සැසිවාරයේදී සියළුම පක්ෂ විසින් විශේෂ ප්‍රකාශයන් කරනු ලැබී.