ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර විසින් පැවැත්වීමට සූදානම් වන ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය පිළිබදව වැඩසටහනක් ප්‍රචාරය කිරීමට ස්වර්ණවාහිනියෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඉල්ලා සිටි බවත්, තේනුවර මහතා පිළිකුලෙන් යුතුව එම නොහොබිනා ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ලංකා ඊනිව්ස් වේබ් අඩවිය වාර්තා කරයි.
ඡායාරූප ශිල්පය පිළිබඳ ලංකාවේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු මෙන්ම එම විෂය පිළිබද කෘති රැසක කතුවරයාද වූ තේනුවර මහතා මේ දිනවල ආලෝක පින්තාරු නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටින අතර ඒ පිළිබඳ වැඩ සටහනක් ගෙන ඒමට නම් රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවන්නැයි ස්වර්ණවාහිනියේ ජිනේන්ද්‍ර නම් වැඩ සටහන් නිෂ්පාදකයෙකු දුරකථනය මගින් ඉල්ලා තිබේ.
මෙහිදී සිය පුදුමය පළ කර ඇති තේනුවර " මොකක් තමුසේ කියන්නේ මං සල්ලි ගෙවිය යුතුයි කියාද? " යි සැක හැර දැන ගැනීමට යළි විමසා ඇත. එවිට " නෑ.. නෑ.. ගාණ වැඩිනම් අපිට අඩු ගාණක් කතා කර ගත හැකි " යයි පිළිතුරු දී ඇත. ජිනේන්ද්‍ර නමැත්තා අමතමින් තේනුවර ශිල්පියා පවසා ඇත්තේ ‘තමුසේ කතා කෙළේ වැරදි මිනිහාට බවත් මේ අලූගුත්තේරු ක්‍රියාව හෙළිදරව් කරන බවත්’ ය. පසුව ඔහු විසින් ස්වර්ණවාහිනියට කතා කර තහවුරු කරගෙන ඇත්තේ ජිනේන්ද්‍ර නමැත්තෙක් එහි වැඩ සටහන් නිෂ්පාදකයෙකු ලෙස සේවය කරන බවයි.