Thursday, June 12, 2014

Written on

හොල්සිම් කම්කරු දඩයම දිගටම !

වර්ජනයේ නිරතව සිටියදී මැර ප්‍රහාරයකට ලක්ව පසුව පුත්තලම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ හොල්සිම් අනියම් සේවකයන් පස් දෙනා ඊයේ බදාදා නැවතත් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුණි.

හොල්සිම් අනියම් සේවකයින් මැයි මාසයේ 19 වන දින වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඔවුන්ගේ රැකියා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් දොළහක් මුල් කර ගනිමිනි.

හොල්සිම් අනියම් කම්කරු ගැටළු වලට විසඳුම් ඉල්ලමින් වැඩ වර්ජනයේ නිරත සේවකයන් හා පාලනාධිකාරිය අතර අවස්ථා කීපයකදීම පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර පාලනාධිකාරිය ගත් පියවර වුණේ, නව කොන්ත්‍රාත් කරුවකු යටතේ වැඩ ආරම්භ කිරීමයි.

එම නව කොන්ත්‍රාත් කරුගේ පාලනය යටතේ වර්ජනයේ නියුතු සේවකයින්ට පහර දීමක් සිදු වූ බවයි වාර්තා වන්නේ.

බිලිඳු දැරියකටත් ප්‍රහාර
හොල්සිම් කම්කරුවන්ට පහර දීමේදී තුවාල ලැබූ සේවකයන් පස් දෙනෙකු රෝහල් ගත කරනු ලැබුණි.

ඉහත කී සිදුවීම් මාලාවේ දී පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් පැදුරක නිදා සිටි වයස අවුරුදු දෙක හමාරක දැරියක් පැදුරත් සමඟ අල්ලා විසි කරන ලැබීමෙන් තුවාල ලබා දැරිය රෝහල්ගත කිරීමට සිදු වීමක් ගැනත් වාර්තා විය.

කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ජානක අධිකාරී Gossip9 කියා සිටියේ,තුවාල ලැබ රෝහල්ගත ව සිටි කම්කරුවන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කම්කරුවන්ට පහර දුන් මැරයන් තවමත් නිදැල්ලේ සිටින බවත් නීතිවේදී ජානක අධිකාරී පවසයි.

මෙය මාස කීපයක් දිග් ගැසෙමින් පවතින ප්‍රශ්නයකි

More News