Thursday, May 15, 2014

Written on

පොප් ගායිකා බියොන්සේගේ සොහොයුරිය බියොන්සේගේ සැමියාට පහර දීමට හේතුව හෙළි වෙයි

ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සොහොයුරිය බියොන්සේගේ සැමියාට පහර දීමට හේතුව මාධ්‍යයට අනාවරණය වී තිබේ.

New York Daily News වෙබ් අඩවියට අනුව බියොන්සේගේ සොහොයුරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන Jay-Zට පහර දී ඇත්තේ, බහින් බස් වීමකින් පසුව ය.

New York City හෝටලයේ පැවති සාදයෙන් පසුව Jay-Z, තව ත් පොප් ගායිකාවක වන රිහානා (Rihanna) හමුවීමට යන බව පැවසීම මත මෙම ගැටුම හටගෙන තිබේ.


රිහානා සහ Jay-Z අතර දීර්ඝ කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර බියොන්සේගේ සොහොයුරිය Jay-Zගෙන් විමසා ඇත්තේ, යළි නිවසට නොගොස් රිහානා හමුවීමට යන්නේ ඇයි ද? යනුවෙනි.

එම අවස්ථාවේ බියොන්සේගේ සොහොයුරිය මත් පැන් පානය කර සිට ඇති අතර Jay-Z ද ඇයට බැණ වැදී ඇත.

අනතුරුව විදුලි සෝපානයට පැමිණි පසු ඇය ඔහුට පහර පිට පහර එල්ල කළා ය.

මෙම වීඩියෝව ඊයේ දිනයේ Youtube තුළින් ලොව වැඩි ම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත් විය.

More News