චීන සමාගම විසින් වැඩ අවසන් කර පසුගිය 13 වැනිදා විදුලි බල මණ්ඩලයට බාර දුන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවැනි අදියරේ ප්‍රධාන ටර්බයිනයට අදාළ බොයිලේරුවේ සිදුව ඇති කාන්දු වීමක් නිසා මේ වනවිට බලාගාරයේ දෙවැනි අදියරේ කටයුතු නවතමා දමා ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊයේ (15) සිදුව ඇති මෙම බොයිලේරුවේ කාන්දුවීම යළි පිළිසකර කිරීම සිදුවෙමින් පවතින බවත් වාර්තා වේ.
වැඩ අවසන් වී දින 2කට පසු දෙවැනි අදියරේ ප්‍රධාන ටර්බයිනයට අයත් බොයිලේරුවේ කාන්දුවීමක් හටගැනීම විශාල අර්බුදයකට හේතුවක් බව විදුලි සේවකයෝ පවසති. එමෙන්ම මෙහි වැඩ අවසන් කර විදුලි බල මණ්ඩලයට බාරදීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඊයේ දිනයේ සාදයක් පවත්වා ඇති බවද ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහි පළමු අදියරද 20කට වැඩි වාර ගණනකදී විටින් විට අක්‍රියවීම් සිදුවිය.