Sunday, May 18, 2014

Written on

මෝඩිගේ ජයග්‍රාහී ගීය

දශක තුනකට පසු භාරතීය ජනතා පක්ෂය ලැබූ අති විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයත් සමඟ නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දියාව තුළ මෙන්ම ඉන්පිටතත් මේවන විට සුපිරි වීරයෙක් වී තිබේ.

තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා කෝටි සීයකට අධික ජනතාවගේ නායකයා බවට පත් වීමට සූදානමින් සිටින මෝඩි අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව භාරතීය ජනතා පක්ෂය ආසන 283ක් දිනා දීමට සමත් විය.

එය වසර 2009 මහ මැතිවරණය සමඟ සසඳා බැලීමේදී භාරතීය ජනතා පක්ෂය පමණක් තනිව ගත්විට ඔවුන් සිය ආසන පදනම 167කින් වර්ධනය කරගෙන තිබේ. ඒ අනුව එක් අතකින් ඔහු සුපිරි විරයෙකි. 

මේ වීරයා වෙනුවෙන් මේවන විට ගීතද නිර්මාණය වී තිබේ. ඒවා සමාජ වෙබ් අඩවි ඔස්සේ ඔබ මොබ යන්නේද එවැනිම සුපිරි වේගයකිනි. එසේ මෝඩි වෙනුවෙන් නිර්මාණය වූ කාටුන් රූපරචනයක් සහිත ගීයකි මේ. (වීඩියෝව පහත පළවේ)

මේ මැතිවරණයේදී මෙතෙක් ඉන්දියාව රජකරගෙන සිටි ඉන්දීය ජාතික කොංග්‍රසයට අත්වී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ඉරණමකි. 

මෙවර මැතිවරණයේදී කොංග්‍රසයට හිමිව ඇත්තේ ආසන 44ක් පමණි.

කෙසේ වෙතත්, ඔවුන්ට සහයෝගය දක්වන සෙසු පක්ෂවල ආසනද එකතුව ගත්තත්, රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොංග්‍රසයට හිමිව තිබෙන්නේ ආසන 59ක් පමණකි.

ඒ අනුව, 2009 මහ මැතිවරණය සමග සසඳා බැලීමේදී කොංග්‍රසය පමණක් තනිව ගත්තද, ඔවුන් මෙවර මහ මැතිවරණයේදී ආසන 162ක් අහිමි කරගෙන ඇත.

රාහුල්ගේ මේ පරාජය ගැනද ගීත තනන්නට ඉන්දියානුවන් අමතක කර නොමැත මේ එසේ තැනූ ගීතයකි.

More News