Sunday, May 4, 2014

Written on

[DEHI NEWS] මාධ්‍යවේදීන්ට තවමත් ලංකාව ගුණ නැහැ

ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදින්ට වදහිංසා පැමිණවීම් සහ බියගැන්වීම් තවදුරටත් සිදුවන බව පවසන බ්‍රිත්‍යාන්‍යය අතීතයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සහ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සපයා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටියි.

මැයි 03වැනි දිනට යෙදෙන ලෝක මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත්කරන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් දුෂ්කර තත්වයන් යටතේ ක්‍රියාත්මක වන බව පෙන්වා දෙයි.

වදහිංසාවන් සහ බියගැන්වීම් නොකඩවා සිදුවෙමින් තිබේ. ලංකාව ලෝක මාධ්‍ය නිදහසේ දර්ශකයේ පහළට යමින් සිටියි. 2000-2009 කාලය ඇතුළත මාධ්‍යවේදීන් 09දෙනෙක් ඝාතනය කරනු ලැබ සිටිති. ඔවුන්ගේ පවුල් මේ සිදුවීම් පිළිබඳ යුක්තිය ඉටුවනු තුරු බලා සිටියි.

අප ජීවත් වන්නේ සෞභාග්‍යය සහ මානව අයිතිවාසිකම් අතිනත් ගෙන යන පුළුල් ගෝලීය වෙනස්වීම් සිදුවන යුගයකය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, නීතියේ පාලනය සහ අදහස් ප්‍රකාශනයේ අයිතිය මේ වෙනස තුළ පසුවන අපේ සමාජයන්හි මුල්ගල් වේ.අප සහ අපේ කොටස්කරුවන් සැබෑ ලෙසම මේ අගයන් වෙත බැඳී සිටිනු ඇතැයි එක්සත් රාජධානියේ දැඩිව විශ්වාස කරයි.


මෙම ලෝක මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ දිනයේදී අපි අදහස් ප්‍රකාශනයේ අයිතිය සැමරීමටත් එය ඔසවා තැබීමට අප තුළ වන කැපවීම අලුත් කරගැනීමටත් කටයුතු කරමු." එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



More News