ලන්ඩන් නගර ගුවන් තොටුපළින් ෆ්ලොරන්ස් බලා පිටත්වූ ගුවන් යානයක පියාපෙතෙන් කොටසක් අතරමගදී ගැලවී යාමේ පුවතක් වාර්තා වේ.
සිටිජෙට් ගුවන් සේවයට අයත් උඞ 281 යානය තුළ ඒ වන විට මගීන් 60ක් ගමන් කර ඇත. ඇතැම් මගීන් විසින් පියාපතෙහි කොටසක් බුරුල් වනු සිය කවුළු තුලින් වීඩියෝ කර තිබේ.
සිටි ජෙට්හි ප්‍රකාශකයකු පවසා ඇත්තේ යානයේ තටුවේ ඇති මෙහෙයුම් යාන්ත්‍රණයේ ආවරණය මෙසේ ගුවන්ගතවූ පසු ගැලවී ගිය බවයි.
ගුවන්යානයේ නියමුවා එහිදී කාර්මික විශේෂඥයන් සමග රේඩියෝ සංවාදයක් සිදුකර ඇති අතර යානය නැවත ලන්ඩන් නගර ගුවන්තොටුපළට ගොඩබැස්වීමට පියවර ගත් බව පැවසේ.
භිතියට පත්ව සිටි මගීන් පිරිස රැගත් යානය කිසිදු උපද්‍රවයකින් තොරව සාමාන්‍ය පරිදි ගොඩබැස්වූ බව සිටිජෙට් බලධාරීන් පවසා තිබේ.
ඔවුන් පැය 2ක ප්‍රමාදයකින් පසු වෙනත් ගුවන්යානයක නංවා යැවීමට පියවරගත් බවද වාර්තා වේ. කාර්මික දෝෂයට ලක්වූ යානය ඇව්රෝ ඍව85 වර්ගයේ යානාවකි.